External students who filled the google form SHOULD send a hard copy of an application to school.
කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ උසස් පෙළ අංශ සදහා ඇතුළත් වීමට අපේක්ෂා කරන බාහිර පාසල් අයදුම් කරුවන්ට 2025.07.18 දිනට පෙර පහත සබැදිය ඔස්සේ ගූගල් පෝරමය සම්පූර්ණ කර අයදුම් කළ හැකි අතර 2025.07.21 දිනට පෙර ඔබගේ දෘඪ අයදුම්පත්‍රද විද්‍යාලය වෙත තැපෑලෙන් හෝ පැමිණ භාරදීමට කටයුතු කරන්න.
ගූගල් පෝරමය සදහා සබැදිය:
Common Streams A/L Application
Get The Common Streams Instructions Here…

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව
(දහතුන් වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන)
12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම – (2025/2026 වර්ෂය)
කැලණිය, ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ උසස් පෙළ වෘත්තීය අංශය සඳහා සිසුන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් මෙන්ම 12 ශ්‍රේණියට අදාළ වයසට එළඹ සිටින සිසුන් සඳහා
🔆 සංචාරක හා සත්කාරක සේවා (Tourism & Hospitality)
🔆ස්වයංචල තාක්ෂණය (Automobile Studies)
🔆ළමා මනෝව්ද්‍යාව හා ආරක්ෂණය (Child Psychology & Care)
🔆පරිගණක දෘඩාංග හා ජාලකරණය ( Computer Hardware & Networking )
🔆 ග්‍රැෆික් නිර්මාණකරණය ( Graphic Desig)ning
🔆අභ්‍යන්තර නිර්මාණකරණය ( Interior Designing)
🔆 පේෂකර්ම හා ඇගලුම් තාක්ෂණ අධ්‍යයනය (Textile & Apparel Studies)
🔆ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා ( Physical Education & Sports)
🔆ශිල්ප කලා (Arts & Crafts)
යන ඉහත විෂයයන් පාසලේ දී හැදෑරිය හැකි අතර මීට අමතරව වෘත්තීය විෂය ධාරාව යටතේ නිර්දේශිත තවත් පාඨමාලා විශාල ප්‍රමාණයකින් ඔබ කැමති පාඨමාලාව තෝරාගත හැකියි.
පහත සබැදිය ඔස්සේ 2025.07.20 දිනට පෙර ගූගල් පෝරමය සම්පූර්ණ කර අයදුම් කළ හැකි අතර දෘඪ අයදුම්පත්‍ර 2025.07.21 දිනට පෙර තැපෑලෙන් හෝ පාසලට පැමිණ ලබාදිය යුතු වේ.
Go To Google Form Here…

